Wednesday, October 31, 2012

අද..














මට හැමදාමත් ඕනේ උනා
වැස්සේ තෙමෙන්න..
ඉතින්
අද මම වැස්සේ තෙමුණා..
එතකොට
කාටවත් පේන්නෙ නෑනේ
මම අඬනවා කියලා.....

Monday, September 24, 2012

.........







නිමක් නොපෙනෙන 
සයුරු තෙර හිඳ
මගේ දිවියේ 
ඉමක් සෙවූයෙමි
නමුදු ලැබුනේ
ප්‍රෙහෙළිකාවකි
සිතුම් දස අත 
පුරා විසිරුණු.....

Saturday, September 22, 2012

සිහින තොටුපල











සිහින තොටුපල ළඟට
ඔබ අවුත් සැම දිනම
සෙනෙහසින් සිපගන්න
තද කරන් ඔය හදට....

Tuesday, September 18, 2012

???





ලස්සන හීන ගොඩක් මවලා 
ඒ ඔක්කොම එක මොහොතින් 
බිඳිලා ගියොත්.....

මතකයිද?








පිණි වැටෙන හිරු
වියන යට
මල් පිපුණු තණ
බිස්ස මත
මතකයිද
අපි දෙදෙනා සිටියා....
සවනතට ළං වෙලා
පෙම් වදන් කොඳුරමින්
උණුසුමේ ගුලි වෙලා
ආදරෙන් හිනැහෙමින්....

Sunday, September 16, 2012

මිරිඟුවක්ද ඔබ?


මිරිඟුවක්ද ඔබ?
තෙරෙන්නේ නෑ මට....
මිරිඟුවකට පෙම් බඳින එක
වැරැද්දක්ද?

කවුද කිවේ වැරැද්දක් කියලා?
අපි කැමති කෙනෙක්ට
අපිට පුලුවන් පෙම් කරන්න

ආදරය ලැබෙන්න ඕනෙම නෑ
ආදරය කරන්න...

ඉතින් මාත් එහෙනම්
ආදරය කරනවා
ඔයාට.....